මහ වැහි කෝඩෙට හසුවී තනි මඟ යනදා
නුගසෙවනක් සේ රැකවරණය ලද නිබඳා
වැස්ස තුරල් වුණ මොහොතේ යළි නුඹ හැරදා
යායුතු විය හිටි සෙවණේ අතු ඉති නොසිදා
සහන් සුවෙන් ගිමන නිවූ පෙර දවසක්දා
පවන් සලන සෙවනැල්ලේ සිහිළස වළඳා
නුවන් දැලින් ලුහුබඳිනා මහ මඟ නොරඳා
විමන් දොරින් පලා ගියෙමි නුඹෙ සිත නොරිදා
මඟී දන ඇවිද යන මේ පාළු මඟ දිගේ
දහක් පායුග වලට පහන් කණුවක් වගේ
වහන් වෙන්නට නොදී අඳුරු අහුමුළු දිගේ
සහන් එළියක් වුණේ නුඹම පමණයි හැඟේ
මලක් වී තුරු හිසක සුවඳ දෙන නෙත්කළු
බමර කැළ රොද බඳින ගී ගයන කන්කළු
පතුරවන ගීතිකා සිත් පුබුදු වන සුළු
ඉතිරිවුණ මතකයකි නුඹ ලොවට සිත්කළු
කාමයේ ගිනි පුළිඟු නිවී ගිය පහන කින්
රාග මළ හරණ ලද ප්‍රේමයක කිරණ දුන්
පාපයේ සා පවස සින්දු පැන්තළිය වන්
සබඳ නුඹ දියවරකි මනු ලොවට එළියදුන්
මල්ලිකා එම් බණ්ඩාර
14. 02. 2022
No comments:
Post a Comment