Saturday, 8 July 2023

හුදකලා ලෙන

 


හුදකලාවුණ ගල් ලෙනක් සේ
සයුරු තෙර දියඹේ 
බිඳෙන දිය කඳ සමඟ පොර බැඳ​
හිඳින මුත් නිබඳේ  


වැහි වළා මෙන් වැසිද නුඹ විය​
මුහුදු රළ මිහි මඬළ නුඹ විය​
නුඹෙන් තොරවූ ලොවක් නොම දුටු
මගෙ කඳුළු උල්පතද නුඹ විය​
 
සිහින් මඳ පවනක් වගේ විත්
 සිත් ඉමේ දැවටී 
ගීතයක් සේ මුමුණලා 
කුරවී කොවුල් හඬකින්

සියොලඟම​ කුල්මත් කළා
ලවනත නුරා විතකින් 
සිඳු සයනයෙන් ඔබ​ සැඟවෙලා
සිඳ මගේ ළය සැතකින්

 මල්ලිකා එම් බණ්ඩාර​

4. 05. 2023

No comments:

Post a Comment