හුදකලාවුණ ගල් ලෙනක් සේ
සයුරු තෙර දියඹේ
බිඳෙන දිය කඳ සමඟ පොර බැඳ
හිඳින මුත් නිබඳේ
වැහි වළා මෙන් වැසිද නුඹ විය
මුහුදු රළ මිහි මඬළ නුඹ විය
නුඹෙන් තොරවූ ලොවක් නොම දුටු
මගෙ කඳුළු උල්පතද නුඹ විය
සිහින් මඳ පවනක් වගේ විත්
සිත් ඉමේ දැවටී
ගීතයක් සේ මුමුණලා
කුරවී කොවුල් හඬකින්
සියොලඟම කුල්මත් කළා
ලවනත නුරා විතකින්
සිඳු සයනයෙන් ඔබ සැඟවෙලා
සිඳ මගේ ළය සැතකින්
මල්ලිකා එම් බණ්ඩාර
4. 05. 2023
No comments:
Post a Comment