Tuesday, 25 July 2023

ළමා ගීතයක්



සරුංගලේ උඩ යවලා 

ඉපැනැල්ලේ දුව පැනලා

හිනා ගඟේ පීනන්නට 

සීයා ඇයි අද​ පරක්කු

මොකද දන්නෙ නෑ...

 

සීයා ආවම​ සෙල්ලම් ගේ ළඟ

 කෝම්පිට්ටු හදමු

පොල්පිති මී ගොන් බාන දක්කලා 

තිරික්කලේ බඳිමූ

 

ආච්චි වාගෙම සීයත් එනතුරු හිටියා මඟ බලලා

“අත්තාපල්ලා” කියල දුවන්නට අදත් ඔට්ටු අල්ලා

 

දීකිරි හට්ටිය පොල් පැණි පට්ටය බරටම ගෙන දෑතින්

කෝච්චියෙන් බැස වංගුව පහුකර එනවා ඇති​ ඈතින්

 

සරුංගලේ උඩ යවලා... 

 

මල්ලිකා එම් බණ්ඩාර​

25. 07. 2023

No comments:

Post a Comment