වැටියේ මිදෙල් මල් දම් වියනක් බැන්ද
බක්මී
දොඹ කරඳ සෙවනේ මන නන්ද
යාකර
ගම් දෑළ ගුරු ගෙදරට බැන්ද
ගල්
ඒදණ්ඩ ගිල දැමුවේ කවුරුන්ද?
සූරිය
මල පිපෙන කන්දට වහන් වෙලා
මායිම
තැනූ ගම්මානෙට පිටින් එලා
දිග්ගල
මහ පවුරු සයනය මුණින්තලා
ඔලමොළ
අමනයින් විකුණා දමති තළා
පිං
ලිඳ දිවා රෑ උතුරන නිල් කැටය
නිව්වේ
සා-පිපාසා මඟියන් හටය
පන්සල
මැඳුර දිය මල පිහිනුම් තටය
දියවර යතිඳුන්ට බරපැණ දුගියටය
උල්පත්
දියෙන් වපුරා යල මහ කන්න
හත්මුතු
පරපුරම නිව්වලු කුසගින්න
පීදෙන
රන් කරල් අටුකොටු පුරවන්න
ගව්වක්
දිගට ඇතිරූ පළසක් වැන්න
සියවස්
ගණන් ඉපැරැණි ගම් තුලානේ
රුක්
දෙවියන්ට කැප කළ දෙව් විමානේ
ඉස්සර
ඔරු පාරු බැඳි සියඹලාවේ
අතු
පෑහුවේ කවුරුද හත්වලාමේ
මල්ලිකා
එම් බණ්ඩාර
19.07.2023
No comments:
Post a Comment