නිවී ගිළිහී යන සඳ
කඳෝපැණියෙකු ගැන -
කුමන අටුවා අලංකාරද
විසගොර සපුන් දළ -
දොවා සවණත හොවා අමයුර
ලදපස් මල් ඉසින -
දියෙන් ගිනි හුළු බඳින උන් දැන
කිඹුල් කඳුළැල් ගඟ -
පෙඟී පිහිනා රළ පතර බිඳ
නෑර කැටුවම හිඳ -
තනා මං පෙත් කටු අකුල් මැද
නිහඬ රෑයම සිතින් ඉකිබිඳ
මගෙ දුක් කඳ වැළඳ -
කියව, වෙහෙසක් දැනුණෙ නැතිවද?
සත්කුළු පව් අතර
හැපී යන්තම් රැකුන පණ පොද
සැවොම හැරැයන සඳ -
ඉන්ට හිතුනේ නුඹට විතරද?
මල්ලිකා එම් බණ්ඩාර
22. 07. 2023
No comments:
Post a Comment