Wednesday, 5 July 2023

ප්‍රේමයේ කුලවැද්දුම

 

වැහි මන්දාරම හිත තුළ ගුලිවී

නෙත් යුග පුරවනවා

මා හඬනා වග ඇස නොගැටෙන්නට​

වැහි බිඳු ඉහිරෙනවා

 

පාළු මාවතේ තනියම යන සඳ​

මතකය පීදෙනවා

සුවිසල් මැඳුරේ නුඹ නැති වග දැන

සිත අසරණ වෙනවා

 

සරසවි උයනෙන් නුඹ සඟවාගෙන

උඩරට මැණිකේ පට කුඩ දෙක දෙක

 කිය කිය දිවයනවා 

කල්ප කාලයක් අපි වෙන්වුණ වග​

මතකයෙ සැඟවෙනවා

 

හමුවී වෙන්වෙන හැඳුනුම් වැළපුම්

අපට උරුම වෙනවා

ඒ හමුවීමට පරම ප්‍රේමයයි

කුලවැද්දුම් දෙනවා

 

මල්ලිකා එම් බණ්ඩාර​

3. 07. 2023

No comments:

Post a Comment