වැහි මන්දාරම හිත තුළ ගුලිවී
නෙත් යුග පුරවනවා
මා හඬනා වග ඇස නොගැටෙන්නට
වැහි බිඳු ඉහිරෙනවා
පාළු මාවතේ තනියම යන සඳ
මතකය පීදෙනවා
සුවිසල් මැඳුරේ නුඹ නැති වග දැන
සිත අසරණ වෙනවා
සරසවි උයනෙන් නුඹ සඟවාගෙන
උඩරට මැණිකේ පට කුඩ දෙක දෙක
කිය කිය දිවයනවා
කල්ප කාලයක් අපි වෙන්වුණ වග
මතකයෙ සැඟවෙනවා
හමුවී වෙන්වෙන හැඳුනුම් වැළපුම්
අපට උරුම වෙනවා
ඒ හමුවීමට පරම ප්‍රේමයයි
කුලවැද්දුම් දෙනවා
මල්ලිකා එම් බණ්ඩාර
3.
07. 2023
No comments:
Post a Comment