Friday, 7 July 2023

අක්බාර් පාලමෙන් පියමනින කිරිකෝඩු

 

සැඩ පරුස ගඟ ගලා යන වග

​ලතාවට පාලම යටින්

පිවිසුම පටුයි පියමං කරන්නට​

පරිස්සම දැනගෙන හිටින්

 

සැරැසිලි වැඩියි සැණකෙළි බිමේ

ගිනිකණා නොවැටී ඇස් වටින්

සිහි කල්පනාවෙන් දවසරින්​

මංමුලා වැල් ඇත දස අතින්

 

පිපෙන මල් මන මත් කරන්නට​

සුවඳ විඳ මොහොතක් රැඳෙන්

සුනංගුව පරහට හිටී

හනි හනික යායුතු බව​ හඟින්

 

බණ්ඩි ගොයමේ පින්න නාගෙන​

වීකරල් සැළෙනා හඬින්

ගම්මණ්ඩියේ දුව පැනපු තාලෙට

පිටුනොපා ආපහු වඩින්

 

මල්ලිකා එම් බණ්ඩාර​

3. 07. 2023

No comments:

Post a Comment