Wednesday, 19 July 2023

ගිළිහෙන තරු

නොසිතුව නිමේසෙක පෙරුමන් පුරාගෙන

සුන්බුන් අතර එක පැතුමක් හොයාගෙන​

අවසන් පැයේ සීහුණ හිත හදාගෙන

​ඔබ ඇවිදින් හිඳී දුරු මඟ ගෙවාගෙන​ 


තරු මල් මියැද ගිළිහෙන මැදියම් රැයක​

අරුමය දැනේ මාතින් ගිළිහුණ පෙමක​

තුරු මත පතිත වෙන පිනි කඳුළලැලි විල​ක​

තරුපති වුණේ කිම නුඹ​ නොපැතූ දිනක?​

 

සිහිනෙක​ සුවඳ ඉහිරී ගිය දසන්තයේ

කඳවුරු බැඳ හිඳී මතකය දිගන්තයේ

වියමන මඟ ඇරී තනිවුණ​ අනන්තයේ

පාළුවෙ සළුව උරුමයටද තියා ගියේ?

 

කාලය තනා දුන් ගී තණුවක පහස

මා ළය පිරිතිතිරුණි​​ පුන්කළසක් විලස​

කෝලය​ මැවූ නෙතු යුග සැඟවුණ​ රහස​​

ආලය නොවේ යැයි පවසන්නේ කෙලෙස​?


මල්ලිකා එම් බණ්ඩාර​

19.07.202

No comments:

Post a Comment