සිව් වසරක උරුමයකට
ඉරණම කෙටුවේ කවුරුද
සමුගන්නට හමුවූ සැණ
හඳහන ලිව්වේ කවුරුද
දුක්ඛ වේදනා පොදි බැඳ
සප්ත සාගරෙන් එතෙරව
දළ රල - පරල සිඳු බඳින්
දස පෙරුම් පුරා
පුර සඳ - පත දකින ලෙසින්
විය සිදුර මැදින්
බැලුවෙම් කන කැසුබු ඇසින්
දෙව් විමන් දොරින්
පුරවර යන්ට කල් ඇවින්
ඇතෙක් බරට දෑවැද්දට
නින්ද ගම් වුණේ හින්නෙට
ප්‍රේමයක් නොවේ
කඳුළැලි ගඟක උපතක්
මල්ලිකා එම් බණ්ඩාර
5.07. 2023
No comments:
Post a Comment