අටවක සඳක් දුර
ඈත ආකාසේ
තනිවී හෙමින්
සුසුමක් හෙලයි
හිම කැට ඇලුණ - කොළ හැලුණ අතු පතරේ
හුදකලාවී
දුකසේ
සත් සමුදුරේ
ඉම කොදෙව්වක සැඟවී
රළ පතර කැළතෙන
පාලු අලුයම
මගෙ සවන් පත්
තුළ තෙරපුණා
අපි හමුවුණේ ඒ
නිල් අහස යට
සපථ
කර යළි වෙන්
නොවන්නට
අපි වෙන්වුනේ
සිව් වසර අවසන
දුරු රටක යළි
හමුනොවන්නට
තුරුලතා මත
විසුල සඳ දිය
සිහිපත් කරයි මියගිය
අතීතය
දස-දහස් ගව් දුරක මුත්
අප
එක් කළේ හිස්
අහස පමණද?(Mallika Bandara- 12 . 07 . 2013)
No comments:
Post a Comment