Thursday, 7 April 2016

උඩුගං බලා පිහිනීම​


තැම්ඹූ සිනිදු මුදු පිරුවට වෙල්ලෑවේ
අමුණේ දමා  සෝදා කිරි සුදට සුදේ
කරගැට මල් පිපුණු දෑතින් මිරිකාලා
වැනුවා ගිහින් රංදෙනිවෙල පිල්ලෑවේ

කිරිකොක් රෑන් ඉගිලෙද්දී ඇල දෑලේ
ගම් මැද්දම ඇදෙයි අකුරට​ ඉස්කෝලේ
මගෙ නෙත සමඟ සිත උන් ලුහුබඳින කොට​
කුල ගොත් විලංගුව වැටුණා මගෙ පයට

ලිප ගිනි මෙළවෙලා කුසගිනි නිවීමට​
බත රත් වෙද්දි වත පීදෙන හිනා මිට​
දරු පැටවුන්ට පිරුළට පිළි දැරීමට​
කල ගතවුණා වෙල්ලැවේ ලැගීමට

හවසට පිච්චමල් වට්ටියකට දමලා
මිදුලේ පහන් පැල පාමුල දණ නමලා
අකුරට යන වරම් ලබනුව දරුවන්ට
මම කන්නලව් කෙරුවා හැම දෙවියන්ට

පරවේණියෙන් ජීවන තොට​'මුණගාව​
මගෙ උරුමය වෙලා තිබුණත් වෙල්ලෑව​ 
දරුවන් ලද යුතුය ජීවන කොල්ලෑව​
නවතින​තුරා මහසයුරේ ඉම ගාව​


මල්ලිකා එම්. දෙමටදෙණිය - 2003 

No comments:

Post a Comment