කොකේසියානු බිරිඳ තුරුළු කරගත්
මහ කළු සිංහලයා දැක
හිරු නොබසින අධිරාජ්යය
පරාජය කළ
වීරයෙකුය යන අභිමානයෙන්
මඟ දෙපස රැඳුන පුරවැසියෝ බලා සිටියහ.
තළෙලු තරුණියකවූ කුවේණිගෙ දියණිය
කොකේසියානු සැමියා හා
සමගාමීව
මහ මඟ ගමන් කරන විට
රාවණාගේ අවජාත පුත්තු
අසැබි වදන් කැට මුඟුරින් දමා ගැසූහ.
රිදුනු සිත ලේ
කඳුලක්ව ගලනතුරු හැඬුවාය
ඈ
ගැහැණියක වූ
පවට
වියතක් තරම් පටු ඇඳුම් කඩකින්
විළි වසාගත් ඒරොප්පෙ ගැහැණුන්
දළදා පුදබිම අසල වීදි සරද්දී,
කානිවල් එකේ
අඩ නිරුවතින් රඟද්දී
සඟ රජවරුත් රැක්කෝය මුනිවත
ඩෙනිම් දිග කලිසමක්
ඇඟට හිරට ඇඳ මහ මඟ යන යුවතියන්
ඇඟට හිරට ඇඳ මහ මඟ යන යුවතියන්
පරගැති සිරිතට හුරු වෙතැයි විස්සෝප වූහ වියත්තු
කම්පා වූහ දිසාපාමොක්වරු .
අන්තර්ජාල සයනයේ නිරුවතින් හිඳින
තම දියණිය නිදහස් මතධාරී මොඩලකැයි උදන් ඇනූහ.
සයිබර් අවකාසයේ රැජිණයැයි තලුමැරූහ මා-පියෝ
කුසපොත්ත තෙමෙන්නට ඉඳුලක් නැතිවද
ළපටී කිරි දරුපැටවුන්ට
දෙතොල තෙමා ගන්නට කිරි කඳුලක් නැතිව
සාගිනි මැළය දැල්වුණත්
ලිප ගිනි නොමැළවෙන පැල්පතේ
රජවරුන් අභිශේක කරන්නට
කිරිකළ දහසකින් බෝ රජු දොවන්නට
කිරිකළ දහසකින් බෝ රජු දොවන්නට
වලිකන ගොබලුන්ට මොළේ කළඳක් දෙවන් දෙවියනේ
ලෝක පාලක දෙවියනේ!
අරාජක දේශයේ අනාගතයක් නැති මිනිසුන්ට
නූපන් හෙටක් සිහිනයේ සිරගත කොට
ඡන්ද පතළේ මිණිකැට අහුලන තක්කඩින්ට
ආත්මය පාවාදෙන මිනිසුනේ
බිඳරැදා දෑස්වල තිමිර පට
සොයාපල්ලා සත්‍යය
වැළඳ ගනිල්ලා යුක්තියසොයාපල්ලා සත්‍යය
No comments:
Post a Comment