Monday, 4 April 2016

ගන්ඳබ්බ ප්‍රේමය

වතාවක් නම් නොවෙයි අපි මඟදි හමුවුණේ
උදේ මදු මල් පිපුණ ලඳු දෙවට​ මං කොනේ
වළාකුළු පෙළක්සේ දුටු සිහින බොඳ වුනේ
අමාවක සඳක්වී නුඹ කොහිද  සැඟවුනේ?

කදක් බර පැතුම් මා සිත කොනක ඉපදුනේ
බිඳෙන් බිඳ මගේ ලොව නුඹ ලඟයි නැවැතුනේ
සිනා නැති දෙනෙත් යුග ඇයි බිමට බරවුනේ
ඇහැ කොනින් වත් නොවේ පිළිතුරක් ගිලිහුනේ

කතාවක්වත් නැතුව දින ගණන් පසුවුනේ
නුඹ මහා රුකක් වී මා තුළම පැළැවුනේ
කදෝපැණි එළි බිඳෙන් ගිනි මැලය දැල් වුනේ
කෙසේදැයි කියාපන් නුඹේ සිත ගල් වුනේ?

මගේ හිත මගේ නොව එය රැගෙන ගිහින් නුඹ​
හැඟේ එය දෙපළුවී  වණ කැළැල් පිරුණ වග​
අනේ පුළුවන් කමක් තිබේ නම් අහපන්න​
ඇවිත් නුඹ සොරා ගත් මගේ හිත මට දෙන්න​


MB – 02.03.2012

No comments:

Post a Comment