කාන්සියේ සිත
මිරිකෙන සීත සුළං බර දවසේ
ඉර ගිලිලා
අඳුරු ගැබේ තරුමල් පූදින සුවසේ
සඳ කනහුල
අල්ලන්නට පමා වුණාදෝ
කෙලෙසේ
තෝන්තුවාවෙන් මගෙ සිත ඇඬුවා ඉකිබිඳ රහසේ
සුසුම් රොදක
රැඳි උණුසුම මද පවනට එතුනාසේ
බලාපොරොත්තුව
පරවි මල් පෙති ගිලිහෙනවාසේ
සමුදී නැති
වෙන්වී නැති මුත් විරසක වී මෙලෙසේ
දුක වපුරා
නෙළා ගන්න සසරේ ඇවිදිමුද කෙසේ
හීන්
කෙඳිරියක් වාගේ වැව් දිය රළ
සැලුනාදෝ
යාන්තමට ගංදිය
මත සළාවැටුම්
නැඟුනාදෝ
මාත්තෙක්ක තරහ
වෙලා රිදවන්නට
හිතුනාදෝ
පාන්කිරිත්තී
තනියම මගෙ දුක වළඳනවාදෝ
MB - 18. 06. 2009
No comments:
Post a Comment