බෝපත්
තනිවි
සුදු වැලි තල
මත
බෝමුල ඇමඳූ අම්මා එහි
නැත
නා ගහ මුල,
උලු පැන් හල වේවා
බණ මඩුවේ හෝ
මල’සුන ගාවා
සිල් ඇත්තන් මැද දැකුමට ඔබෙ වත
ගව් ගණනක් දුර දීවා මා නෙත
සඳ
දිය
වෑහෙන
බෝ
සෙවනැල්ලේ
අම්මා
නැති
දුක
සිත
යට
දැල්ලේ
බෝදිය ඇමඳූ අම්මා කොයිබද?
ගෙදර බුදුන් අපෙ අම්මා කොයිබද?
පන්දම්
එළිවැට
ගේ
මැඳ
දැල්වුන
නිවී
ගිහින්
දස වසරක් ගතවින
දවස්
ගෙවුන බව හිතට
දැනී
නැත
පහන් පැලේ මල් සුවඳ තවම එත
බණ පොත නිසලය. මා සිත සසලය.
නවගුණ වැල නෙත කඳුලු පෙළක් විය
මව්කිරි සුවඳින් මුළු
ලොව
සුවඳය
අම්මා
නැති ලොව අමාවකක්මය
නා කපනා වැහි අකුණු දෙබෑ කොට
මා හිස නැණ මිණි කිරැළු සදන්නට
අම්මේ
මා
ඇති දැඩි කළ
පිනටම
අත් පත්වේවා නුබ
පැතු
බෝධිය!
මල්ලිකා එම් බණ්ඩාර
07.02. 2016
07.02. 2016
No comments:
Post a Comment