අකුණක් ලෙසින් ගන’ඳුරු රැයේ
මේකුළක දැවැටී බිඳී විසිරුණ,
විදුලිය දැලක්වී අසුරු සැනෙකින්
ඇඳිලා මැකීයන ඈත ආකාසේ
අහඹුවෙන් අපි හමුවුණේ
දිගු කාලෙකට පස්සේ...
එමොහොත පටන් යවටක් ලෙසින්
ගිනි ගෙන දැවෙයි මියැදුන මගේ සිත
අප පෙම් පුරාවත මතක පිටුවක්වී
හඬා වැටෙනා වියරු සූසුමක්වී
සෙනෙහසේ චිතකේ
කුරිරු ලෙස ඔබ මා කෙරෙන්
දෙපසට කළා අපෙ සනුහරේ උන්
අසරණ වෙලා බොඳවූ නෙතින්
අපි වැළපුණා දිගු කල් හිතින්
රුදු ලොවට නෑසෙන සේ
උපනුපන් අත් බවයකදි යළි
විසකුරු සපුන් හඬ නොවැකෙනා දුර
නුඹ මගෙම වී මා නුඹෙම වී
හමුවෙන තුරා අපි ඈත නුවරෙක
එක හිත් දරා නාඬා ඉඳින්
යම් දිනෙක මේ සසරේ
No comments:
Post a Comment