Thursday, 7 April 2016

උළලේණී


හිරුද සඳුද නැඟ බැස ගියා මිස​
අහස පොළොවට යාවුණේ නැත​
තරුද නොපිපෙන අමාවකදා
හඩන උළලේනී - තනියම  හඬන උළලේනී

සිරගතව අප පෙම් කොදෙව්වේ
කල්පයක් කල් පෙරුම් පිරුවේ
ලබා ගන්නයි නියත විවරණ​
එතෙර වෙන්නට ගොඩ බිමක් වෙත​
නිම් තෙරක් නැති සප්ත සාගරයෙන්

රළ පතර රළු පරළු වන සඳ​
සුණු විසුණුවූ මගේ හදවත​
නැවත පිරියම් කරනු නොහැකිව බලා සිටියෙමි
සෝ සුසුම් මැද මහත් ළතැවිල්ලෙන්

වියන්නටවූ සොඳුරු වියමන​
පත් ඉරෙන් ඉර ලිහී ගොස් ඇත​
පහන් නොවනා දිගු රැයක්සේ
සොඳුරු පැතුමන් වැරැහැලිව ඇත

හබළ ගිළිහුණ ඔරු පියල්ලක්
හුදකලා තොටුපළේ  තනිවී
නැවත පිළියම් කළ නොහැකි මුත්
ඉරුණු රුවළට ලොබින් ඉකිල



(MB - 10. 07. 2014)

No comments:

Post a Comment