Monday, 4 April 2016

රැජින මමයි


අයුක්තිය රජයන ලොවක යුක්තිය සොයා ගියෙමි
අසහනයෙන් පිරි මිහිතලයක සහනය පැතූයෙමි
හදවත් නැති මිනිස් පුරයක ආදරය සොයා ගියෙමි
 මා ඉපදුන යුගය හිමි අසම්මතයේ සම්භවයක් ඇති ජාතියකයටය

කස පහර කකා බර ඇද්දෙමි ඔටුදෙනක මෙන්
කගවේනක​ මෙන් වෙහෙස නොබලා දිවුයෙමි
ලුහුබැන්දෙමි ජීවිතය පිපාසිත මුවැත්තියක මෙන්
පැතුම් ගඟ සිඳීගිය වැලි කතර මැද හැඬූයෙමි වැලැහින්නක මෙන්

ජීවිතය නැවතුනෙන් කැණි මඬළ බිඳි ගෙදර
පිය මං කළ නොහී බලා සිටියෙමි විපිලිසරව​
මර බියෙන් භ්‍රාන්තව අත්වැලක් නැති ඒදන්ඩ මැද​
යළි යළිඳු පිසදමා බොඳව යන නෙත කඳුලු
අදිටන් කරගතිමි යා කරන්නට ගං දෑල​

රිදුනු පෑරුනු වණ කැළැල් පිරිමැද හදවතේ
නොබිඳුනු සිත පමණක්ම පෙරටු කොටගෙන දිරියෙන්
මෙතුවක් දුර ආමි මටම ඔබින විදියෙන්
රතු පලස් නැති මුත් රැජිනක සතු අහිමනින්

MB - 24. 08. 2012


No comments:

Post a Comment