Monday, 4 April 2016

මතු බුදුවෙන අම්මා

වෙල ළඟ ළිඳෙන් දිය නාගෙන උදෑසන​
තෙත දිගු කෙස් කළඹ පිට දිග හෙලාගෙන​
දුනුකේ මලක් සේ සුවඳින් පිපී එන​
අම්මා ගෙදර එයි මතකය ඉරාගෙන​

දුක සැප දෙකම එකසේ හිත දරාගෙන​
හඳුරුක් කන්ද සේ නොසලී සදාතන​
කල්වාරියේ නැඟ මගෙ පව් දරාගෙන​
අම්මා සිනාසෙන්නී හිත පුරාවෙන

ගිළිහුණ කිරුළ මා හිස පළඳවන්නට​
රළු ගල් බොරළු මත දුකසේ ගමන් කොට
මුදු බුමුතුරුණු මත මගෙ පා තබන්නට
දුක්ගන්නා රාළ නුඹ විණි අපේ ගෙට​

නිම නැති සසර ඉම සැනහී ගිමන් හැර
අම්මා පසේ බුදුවී දුක තුරන් කර​
දම්සක් දෙසන දා ලෝ සිත් පහන් කර​
ඔබෙ පා සෙවන වේවා මගෙ පහන් දොර​


04.01.2007

No comments:

Post a Comment