සඳය සඳ කිරණක් ය, ඔබද ඔබෙ මුව සිනා
තරු සපිරි අහසක්ය ඔබ මසිත සනහනා
ළහිරු රන් සුණු උළා මහද මල පුබුදනා
සොඳුරු අරුණෝදයයි පිනි පොකුරු වගුරනා
ගිම්හාන කාලයේ වළා පෙති අතුරලා
වහින මල් වැස්සක්ය නුඹ මසිත නළවනා
අමාවක නිමාවිය යලිත් නොඑනා ලෙසින්
පුරපසට අත වනමි එබෙන්නට කඳු හිසින්
පිළුණු ඊයෙට වඩා අද ඉතා සුන්දරය
නුදුරු හෙට නිසැකවම එනතුරා ඉවසමුව
කුණාටුව පහව ගොස් නැවුම් ලොව පිළිගන්න
ඔබේ
අත දෙනුමැනව යළි නැගිට ඇවිදින්න.
No comments:
Post a Comment