ළදරු කිරි සුවඳ තැවැරුන හඳුන් පොත දිහා
බැලුම් හෙලනා කෙනෙහි මොහොතකට
හිතට නැඟුනේ නැද්ද මිනිසුනේ;
තවත් එක ගැහැණියකම
නොවේ
මවක, සොයුරියක, දියණියක, බිරිඳක කියා මම?
රාගයේ ගිනි කන්ද
පුපුරුවා ලන පිණිස
නිවී යන හීන් ගිනි
පුළිගුවක් වී මෙලෙස
ඔට්ටූ අල්ලන්නෙ නැති
සල්පිලේ
තුට්ටු දෙකකට විකුට
මගේ ගත උණු රුහිරු
ගැහැණුකම අසරණව ඉකි
බිඳී මා අසල
වසා සුදු පිරුවටෙන්
නග්න බව
සිටු කුලේ
දොවා සත් කළයකින් පව්
කන්ද දහවලේ
මගෙ යොවුන් ආත්මය
නුඹලාගෙ පාමුලේ
මල් වට්ටියක් වගේ පුද
කරන්නට යෙදුනි
පාපයට ගැහැණියක විකුණනා සල්පිලේ
අතින් අත මාරුවී
අවලමුන් රෑනකගෙ
මෙවලමක් විනි දිළිඳු
වී උපන් සාපයට.
හුයෙන් හුය ගැට ගැසී
එතුන වරපටක්වී
ජීවිතේ ගැට බෙරය වයා
ලොව ඉදිරියේ
ලිහමි සුදු
පිරුවටය ශුද්ධවන්තයින් ගේ
රාග ගිනි
මැලය පිටු පසට වී ගිනි තපින
No comments:
Post a Comment