මතක
පොත(මියගිය යෙහෙළිය සිහිපත් කරනු වස්)
පෙතිකඩක අඳින ලද සොඳුරු සිතුවමක්සේ
මතකයේ
නිම්වළලු දිගහැරෙයි අනන්තෙට
ගහක කොළ
මදිවෙන්ට දැනෙන දුක කිව්වාට
කඳුලකින් වෑවෙයිද ඉකිබිඳින මගේ
සිත?
ළහිරු මල්පෙති විදා කඳු මතින් ගලාඑන,
සොඳුරු අරුණෝදයේ අතිමියුරු සුවඳ
මැද
කිරිවැදෙන නිල් ගොයම සිසාරා ඇදීයන
කිරිකොක්කු දෙපලක්ව ලතාවට
මැදෑලේ නියරමත හෙමිහෙමින් පිය මැන්න
ඒ
නැවුම්
යොවුන්
විය
අපිදෙන්න
මගෙ
මතක
පුරාණය
බොඳ
වෙලා
නුඹ
නොමැති
කාන්සිය දෙනෙත්
යට
දියවෙලා
සීරුවට
මැදපු
සුදු
රැළි
ගවුම
සුළඟ
හා පොරබදන කරපටිය
පොත්
ගොන්න
තුරුළු
කර
දෝතින්ම
මහ
වෙලේ
කුඹුක
යට
මම
තවම
තනිවෙලා
මඳ
පවන්
වැද
සැලෙන
මුදු
සරෙන්
සිනාසෙන
රන්
කරල්
කළාලය
දිගේ
පියවර
මැන්න
සිප්සතර දැන
ඉගෙන
නව
ලොවක්
සොයාගෙන
සරසවියෙ දොර
අගුළු
විවර
කර
ගෙන
සොඳින
කාලයේ
වැලිතලා, ගල්තලා, මල්තලා
පසු
කෙළෙමු
හඬා
යළි
සිනාසී
සුසුම්ලා
වැලි
බතින්
පටන්
ගත්
මිතුදහම නොතකාම
ජීවිතේ
මංපෙතේ
දිගු
දුරක්
නොරැඳීම,
නුඹ
තනිව
සමු
අරන්
නොකියාම නොදොඩාම
මතක
පොත
මා
අතය
තනිව
කියවනු
කෝම?
2012
No comments:
Post a Comment