Saturday, 9 April 2016

මොහොත කල්පයක්වී


ගුන්ඩූමලේ කන්ද පුරා මීදුම් සළු ඇතිරෙනවා
ඒ දුහුලැල් සලුව ඉරා අරුණලු කෙඳි විසිරෙනවා
හිරු මඬළ වගේ නුඹ වඩිනතුරා
මහ පොළොව වගේ නිසල වෙලා
බලා හිඳින්නේ කොහොමද
මල් හතක් පීදිලා
මගෙ ඉහ මුදුනේ

වළා බැම්ම සිප ගන්නට​
වැව් දිය රළ පෙරළෙන විට​
හිනා දොලක් පිරුණ ඔබේ
දුලා නෙතග දැක ගන්නට​
නීල උපුල සේ මඟ බලා ඉන්නවා
වඩින තුරා මගෙ රන බමරින්දු

හිතේ පිපුණ මල් දෝතක්
දොවා ගන්න දිය දෝතක්
වළා බැම්ම මතින් ඇවිත්
මගෙ වත සිප ගන්න තුරා
මැයි ගහ යට සෙවනැල්ලේ
මල් පාවඩ ඇතිරිල්ලේ
මොහොත කල්පයක් දිග මුත් බලා ඉන්නවා
හිරු මඬළ වගේ නුඹ වඩින තුරා

No comments:

Post a Comment