හන්තානට උඩින්
අඩ සඳ මෝදුවෙලා
නා මල් පෙති
මතට පිනි බිඳු පතිත වෙලා
දියවර බඳින්නට
සෙනෙහස පඳුරුලලා
කඳුලක්
ළතැවුණා නෙතු මුල ඉසිඹු නොලා
නළලත අඳුන්
තිලකය සිප කඳුළු සලා
පියමං කළ
නොහැක යදමින් දෙපය වෙලා
වැහි මන්‍දාරමට
තුරු ලිය වියරු වෙලා
කෝවිල අසල අපි
හිටියා සුසුම් ලලා
උතුරන්නට නොදී
නෙත'මුණ දෝර ගලා
මොහොතක් ඉඳින්
නුඹෙ සිත දොර අගුළු නොලා
අකුණක් වැදී
මගෙ හදවත දැදුරු කළා
වෙන්විය යුතුද
අප මේ ලෙස උරණ වෙලා
දෙණි පෙත
දොඩමළුය පළඟැටි ගී මාලේ
බස්සකු ඉකි බිඳියි
සිත හඬවන තාලේ
නුඹ මා කෙරෙන්
සමු ගෙන වෙන්වුණ වේලේ
උණ පත් හඬා
වැටුණා ගං තෙර දෑලේ
මල්ලිකා එම්. බණ් ඩාර
- 27. 01 2012
- 27. 01 2012
No comments:
Post a Comment