හන්තාන දෙසින්
එන සීත සුළං රැළි
මීදුම්
පිරුවටයක දවටා
මීන ණුවන් යුග
නීල ජලේ
මා සීන ලොවක
අබිසෙස් කළදා
නා තුරුසෙවනේ
සුවඳ පොදක් සේ
කෝකිල ගී තනු
සත් සර වැයුනේ
පුර පස සඳ සේ
කඳු හිස මුදුනේ
නුඹේ සොඳුරු වත මා සිත බැඳුනේ
මහවැළි නදියේ
මුවවිට පිරුණේ
කුණාටුවක්
කොයි සිටදෝ ඇදුණේ
දොවා කොපුල්
තල ලෝදිය කඳසේ
කඳුළු විලක්
මා අබියස මැවුණේ
හන්තාන
නැඟිටින්න පිසදමා කදුලු වැල්
මං තාම බලා
ඉන්නවා ඔබ දකින කල්
නිමාවී වසන්තය
අකුණු විදුලිය බිඳෙන
වස්සානයේ
සිහින හෝරාව අත ළඟය
No comments:
Post a Comment