පන් කොළ මිටිය ලඟ
ඉඳගෙන හැන් ඳෑවේ
පන්නම් පැදුර පිරුවා
පිල මැද්දෑවේ
පත් ඉරු එලද්දී නිය
ගැටෙනා රාවේ
තවමත් දෙසවනෙහි
කවියක්සේ පාවේ
කොස් ඇට දමා පණු අල
කොළ ඇඹුල උයා
හීනැටි බතට තිප්පිලි
හොදි රහට උයා
මා එන තුරා සාගින්නට
අගුල තියා
අම්මා දෙවට මුල මුර
ගලසේ හිටියා
කොස්පොතු ඔයට පාළම ඉදි කරන කොට
හිස මිටි වෙනතුරා ඇද වැලි මැටල් කැට
නැකතට පැළඳූ මගෙ රන්
තෝඩු දෙක
ණයකට ගෙනාවා හැඹිළියෙ සිදුරු දැක
කිරිදිය ඉහින හඳ පත පායන දාට
පොල් අතු වියා
විකුණා ඉස්මයිලාට
ඒ පිච්චියෙන් තුන පහ
ගෙන පසුදාට
තුන් වේලටම බත
දුන්නා අපිලාට
පින් මඳ පුතුන් දැක
හැඩුවේ නැති අම්මා
පින් කඳ බැබැලෙන්ට
විවරණ දුනි අම්මා
එක හැලියේ බතයි
බෙදුවේ හද පෙම්මා
අපි හත් දෙනාටම
මිහිමඬළයි අම්මා
දඹ රන් පහන් වැට සේ
දැල්වුණ අම්මා
දරු ගැබ රැක ගන්න
දෙවියන් යැදි අම්මා
වෙසමුනි යකා ළඟ
දපනයවූ අම්මා
නාලාගිරි ඇතා විත් පාගා දැම්මා
2005
No comments:
Post a Comment