Tuesday, 5 April 2016

කාලො අයන්තෙ


ජාතියේ කප්‍ රුක වසාගත් දේශපාලන පිළිලය​
ජාතියම සපාකා උරාගෙන සාරය​
අනාගත පරපුරම හිලව්වට තියා
ලෝකයට ණයකාරයන් කළ අමන රැළ
කඳ බඩ මහත්ව බෙල්ල ගිලුන මැටි රූප​
සතපවා ගොඩ​ ගසද්දී කාසි;

ලොවම සුවඳවත් කළ හැකි
මඬ වගුරු වල පිපුණ සුදු නෙළුම්
සැඟවුණා ලේ පැහැති මළ හිරු
සිතිජ ඉම ගිලෙද්දී

නීතියේ කන්‍යාව​ දූෂණය කර​
අවනීතිය සිහසුන් වඩා හිදුවා
පොදුදනා ප්‍රවේණිදාසයන් කළ
හිස් බඳුන් හා සදිසි පාලක පැළන්තිය​ උන්ට මිස​
තොප වෙනුවෙන් ඉදිකළ ලොවක් නැත්තේමය​

උන්ගේ පැවත්ම උදෙසා ඉදිකළ​ 
ප්‍රවේණිදාසත්වයේ පවුරු පදනම් බිඳ දමා               
නුඹලාගේ ලොව ගොඩනඟන 
කාලය එළඹ ඇත​  
දේශයේ දරුවෙනි අවදිවව්!




MB - 24.08.2012  

No comments:

Post a Comment