Monday, 4 April 2016

කුරුසියේ ඇණ ගැසීම


මව් සෙනෙහස දන් දුන්නේ දස දුක් වළඳාලා
ගිනි දැල් මත මෙතේ බුදුන් හිටියා ඉවසාලා
වසවත් මරු මඟ රැක හිද දිගු කෙහෙ කළඹින් ඇද ඇද​
මහ මඟ දිග රැගෙන ගියා  නුඹට දිදී නෙක දසවද​

වෙසමුනියා පරල වෙලා යදඬු පහර දුන්නා
අපෙ අම්මා වැලහින්නකසේ ඉකිබිඳ උන්නා
දරුදුක ළෙහි අඟිරි ගගා කුරුසේ කර පින්නා
නිල් මානෙල් නෙතු යුගළට​ වද මල් පැහැ දුන්නා

රත්පැහැ වුණා සුදු වැලිතල හිඳුණු ඇලේ
දියබෙරලියා පැහැ රැඳුනා වළාකුළේ
මිහිකත දෙස් තියා අහසට යදින වෙලේ
හඳුරුක් කන්ද ඉකිබින්දා නිසංසලේ



MB -25. 01. 2012


No comments:

Post a Comment