වියෝගයක්
මගෙ හිත අරන්
පියඹා ගිහින්
හැම බක්
මහේදීම යළි යළි ඇවිත්
නිහඬව හඬා
වැටෙන මගෙ හිත හෙමින්
කොනහන්නෙ ඇයි
මේ ඉකිලන ලෙසින්
විසකුරු සපුන්
වැනි රැකවලුන්
වැට කටු
කොහොල් අපි වට කරන්
නිදි නැති
රැයේ බිඳින සඳ දුනු
දියෙන්
රහසක් කියයි
ඔබෙ නෙත්
කොණින්
නිමවී ගිහින්
වසත පර මල් සලා
කුරවී කොවුල්
තනුව වී මංමුලා
වන පෙත හඬයි
විරහ ගීයක් වෙලා
අපි වෙන් වුණේ
කෙලෙස විරසක වෙලා?
MB - 04.04. 16
No comments:
Post a Comment