ඔබ ඇඳී සිටියා මෙතෙක් කල්
බිතු සිතුවමක්වී මහද ගිරි බෙයදේ
දෙනෙත අදහාගත නොහී
සෙල් රුවලක්සේ මා බලා සිටියා
සළා වැටුමන් දිදී කැළැතෙන නීල සිලිළාරේ
ඔබෙ නුවන් යුග මා හැදින්නෙමි
එද, නොහඳුනනසේ නොදුටුවාසේ
ඔබ බලා සිටියා මා දිහා
මහ වන පෙතක මංමුලාවූ විලසේ
දෙනෝදාහක් දෙනා අතරින්
ඔබේ රුව මම හැඳින ගත්සඳ
මගේ නිසසල ලොවම සලිතව
හඬා වැටුණා අසුරු සැනෙකින්
උලලේණියකසේ අඟිරිගෑ මුත්
එක වරක්වත් හැරී නො බලා
කියන් සබඳිනි ඔබ එදා
නොදොඩාම පියමං කළේ කෙලෙසින්?
MB - 2005
No comments:
Post a Comment