Monday, 4 April 2016

පසු තැවිල්ලක්

කොතරම් කෙටිද දින සති මේ ලොව නෑගේ
දින සති ගෙවී යයි නොදැනිම දැන් මාගේ
තිබුණත් නැතත් වරදක් සිදුවී වාගේ
මගෙ දූ කතා නෑ දැන් ඉස්සර වාගේ

ඉටුවී නැතත් යුතුකම් මාතින් දූට​
මං මග බලනවා ඈ එන තුරු රෑට​
ඇස නොගැටුනොත් ඇගෙ රුව සමහරදාට​
මගෙ නෙත ඉකිබිඳී නොඇසෙන්නට ඈට​

මගෙ හිත මිරික මිරිකා කොනහන නේක
නුඹ සැරැසුනේ ඇයි සඟවන්නට මේක ​
අම්මා හිතන හැටි දැනගත් යම්දාක​
නුඹෙ නෙත බොඳ නොවේවා දුරු රට ගේක​

ඉර හඳ උගුල්ලා දුන්නද උඹෙ අතට​
මැව්වද තාවතිංසය ඇස් පනා පිට​
හිතුනේ නොපෑහෙන දීගෙක බැඳීමට
පෙළවහකට කෙනෙක් නැතුවද හතරවට​




No comments:

Post a Comment