Monday, 4 April 2016

අම්මා මිහිමඬලයි


අම්මා... මිහිමඬල වගේ අම්මා
මිහිමඬළ වගේ ඉවසා දරා
දෙවුරේ හිඳුවා  මහමෙර​ සා බර​
අප වෙනුවෙන් දුක් උහුලා
රළු කුරුසේ දරමින්
ජීවන කල්වරි කන්ද දිගේ
තනිවම​ පියවර මැන්නේ අම්මා

නොහැරී පසුපස, නොනගා මැසිවිලි
​නොසැලී, දුක-සැප හිතේ දරාගෙන
අපමණ​ දිරියෙන් අපට සෙවන දුන්
මෙත්තා කරුණාවෙන්
නිවන් පිරූ අම්මා

ජීවිතයේ දළ කටුක රුදුරු බව​
කස පහරක් වී තළන පෙළන සඳ​
මිහි මඬළ වගේ හිටියා අම්මා
නොසැලී දුක-සැප හිතේ දරාගෙන
මිහිමඬළ වගේ අම්මා...


MB - (2005)

No comments:

Post a Comment