Monday, 11 April 2016

සංහිඳ අඳුරුය



පඬුවන් සඳපත දියැවී තුරුපත් මත ගලනවා
හඳුරුක් කඳු මුදුන පුරා මීදුම් සළු වෙලෙනවා
අරුන්දතී තාරකාව පහන් දොරට වඩිනවා
උදනැක්කේ නුඹ දකින්න මසිත පෙරුම් පුරනවා

බන්ඩී ගොයම රැයක් පුරා ඉකිබිඳ බිඳ හඬලා
සන්ඩු වුණා වැළද ගන්න නව හිරු කැන් මඬලා
බිංදු බිංදු මල් මුවරද පුරන බමර සේනා
මන්ද ​කාරණා ගොළුවී වැයූ විහඟ වීණා

පුංචිදා ඉඳන් බැඳි පෙම දෙකට ඉරා
බිං බලාන නුඹ පිටගං වඩිනු දරා
මං හඬාන වැටුණා මුළු ලොවට හොරා
සංහිඳේ පහන නිවිලා මටත් හොරා 

සඳ ගිලිහී බිම වැටුණා මොන කරුමෙද මන්දා
ඉර ගිලිලා ගන කලුවර කොයි යම්දෝ මන්දා
හිත බිඳිලා වාවනු බෑ නෙත දියවර බැන්දා
මගෙ තනියට​ වැට අද්දර බස්සෙකු ඉකි බින්දා

MB -

No comments:

Post a Comment