“ඉනේ
බලාපන් ඉන වට සේල බලාපන්
අතේ බලාපන් බංගලි වළලු
බලාපන්
කරේ බලාපන් කරවට මාල
බලාපන්
දැදුරු ඔයෙන් එන එතනගෙ
ඔමරි බලාපන්”
ඔමරි නැත බැල්ම බර කල්පනාවේ
කිකිණි හඬ නොමැත බංගලි
නුරාවේ
ඇතෙක් බරට නැත කද මලු ගෙනාවේ
දැදුරු ඔයේ දිය හිඳෙනා වෙලාවේ
එගොඩට යන්ට පින් පල නැති
වෙලාවේ
එතනා තනිවෙලා ගොම්මන්
වෙලාවේ
මඟ බල බලා
හිටියා මංමුලාවේ
නෙරිපොට පුවඟු මලසේ වැගිර
ඉනවටින්
තෙතබරි වෙලා නෙත කඳුලැල්
තලා වටින්
වැලි කඳු ගැහු පැඟිරා
නැති නාන තොටින්
ගොම්මන අරක් ගෙන තිබුණා
හතර වටින්
ගැබ්බර වෙලා හිත නම්
මහමෙරක් තරම්
සෙනෙහස මේරුවා පුර පස
හඳක් තරම්
නෑගම් කොහෙ යම්ද එතනා සහේ අරන්
ගමරට තහංචියි නැති සනුහරේ වරම්
මල්ලිකා එම්. බණ්ඩාර
No comments:
Post a Comment