යොවුන් වියේ අරුණැල්ලේ රොනට ඇදෙන බමර කැළයි
රුවට පිපුණ කටු අකුලේ ලකල කොමල සුවඳ මලයි
සඳළු තළෙන්
මිහිතලයට පා එසවූ පලමු දිනේ
පිවිතුරු පෙම
මවෙත පිදූ කිරුළට හිමි කුමරුවනේ,
ගොම පිරිබඩ ගෑ
ගෙබිමේ සහනය නුඹටයි
දැනුනේ
දීකිරි ගං
දියට වැටී මගෙ මැදුරයි බිඳ වැටුනේ
මා වෙත බැඳි
පෙම හින්දා කිරුළ අහිමි කරනු බැරී
දූවිල්ලෙන්
නැඟිටින්නට ලැබුණ වරම නොගෙන බැරී
සිතිජ ඉමේ
ඉගිල ගියේ තරු කැට අරගෙන එන්නයි
තරු කැට දෝතට
ආදා මට හිතුනේ බිම ඉන්නයි
අහසයි පොළොවයි
වාගේ දුරු ඈතක අපි දෙන්නා
අහස පොළොව
යාවුණාට එක් නොවේවි අපි දෙන්නා
No comments:
Post a Comment