දශක දෙකකට
කලින් කාපු අවුරුදු කෑම
හිතට නැඟුනත්
එවැන්නක් ලැබී නෑ තාම
ඇට මිදුළු
හිරි වැටෙන හීතලේ
මුරුගසන්
වරුසාව කඩා වැටෙනා වෙලේ
වැඩට යන වැඩ
කරන
නැකත් නැති.
සුබ අසුබ කියා
නැති, දේශයක
අයිතියත්
යුතුකමත් සහිත පුර වැසියන්ට
ඉඩක් ලැබුණේම
නැත අවුරුද්ද සමරන්ට .
අපි පුංචි
සන්දියේ අවුරුද්ද
හපොයි….! හරි සුන්දරයි!
ගම්මැද්ද අවදි කර රබන් වැයෙනා කලට,
ගම්මැද්ද අවදි කර රබන් වැයෙනා කලට,
කෙසෙල් පරඬැල්
වලින් මුළු ගතම වෙලා ගෙන
පුවක් කොළපත්
මූණ කදීමට පැළැඳගෙන
මඬ වලක
පෙරළිලා ගිනි බියක් නොදැනෙන්ට
කොලු නඩය
එකතුවී රඟති පරඬැල් නැටුම
කඹ ඇදිලි, පොල් ගැහිලි එදා නම් සතුටක් ය.
මෙදා ඒ
දෙකේදිම මොකක් හෝ අවුලක් ය
ජාති ආගම් පන්ති
පාට කැඳ හැළියක්ව
ඉහල සිට
පහලටම කඹ ඇදිලි නිමක්
නැත.
එදා පොර පොල්
ගැහිලි ගමට සෙත් පතන්ටයි
මෙදා පොල්
ගහන්නෙම නීති පොත ඉරෙන්‍ටයි.
මිලින එරබදු
කැකුළු අතුපතර නොරැඳීම
වැතිර ගහ
පාමුලේ ඉකිබිඳිනවද තාම
කොහා නම්
අඬනවා
මීන රැළ මේසයට
වඩම්මන මඟක් නැති
සොච්චමක්
නැතිවුන්ට ඔච්චමට නම් නොවේ
බක් මහේ අකුණු
වැද පෙර සිරිත් දැවෙන්ට'ති
'බාර් ජීවන පොකුණ' පිටාරා ගලන්ට'ති
කිරිත් නැති
පැණිත් නැති හිතේ සතුටකුත් නැති
අවුරුද්ද
ඇවිල්ලා රටම කලබලෙන් ඇති.
No comments:
Post a Comment