බොඳවූ ගීතයක්
කදුළු මිඳිලා
ගොසින් දෑසේ
තටු බිඳී වැළැපෙන සැන්දෑ සමේ
කඳු වළල්ලේ
හැපී මගෙ සුසුම්
ඉකිබිඳී
ගංතෙරේ රළ මතින්
හමුවුණේ ඇයි
එදා
ඇඳුණු
දේදුන්නසේ
නේන්නට
හද ගැබේ
බොඳ වෙලා,
දියවෙලා ගියාදෝ
අසිරිමත් පෙම
අපේ
මළ හිරු හඬා
වැටෙනා වෙලේ
සිතුවම් අඳින ගං
නිම්නයේ
සෙවනැළි මැකී
සැඟවෙන ඉමේ
ඔබ එන තුරා
දිවි ඇතිතුරා
මම රැඳෙන්නම්
මේ ගං තෙරේ
No comments:
Post a Comment