අඳුන් දෙවා සෝ ළතැවුල් රැඳි නෙත
හෙලූ කඳුලු පිසලන්නට මා වත
ඉටුදෙවියන්වී හද දෙවොලට වැඩ
ගිනි ලැව්වේ ඇයි අසරණ මා සිත
කැඩී බිඳී සුණු විසුණු වෙලා ගිය
පිළිරුව යළි ගොඩ නඟනු නොහැකියෙන්
අහුලා ගත්තෙමි සැලෙනා දෑතින්
දස අත විසුරුණ කැබෙලි එකින් එක
දෙවොල අරා සිටි දෙවිඳු නොඑන බව
අත'ඹුලසේ මා සිතට පසක් වී
සළා වැටුම් දෙන මහෝගයක් සේ
දෙකොපොල් තල මත ගලා ගියේ
වියරු වැටුණ නිල් උපුල් විලයි
මිලාන වූ නෙතු තඹර විලයි
දෙවියන් හැර ගිය දෙවොල සමීපෙන්
මියැදුනු මා හද මිහිදන් කළ සඳ
පුද පෙත් තේවා අකැප විලාසෙන්
නිවුණු පහන් සිළ යළි නොදිළෙනු ඇත
06. 02. 2012
කපුටෝ නිසා සමහර වචන පෙන්නේ නෑ
ReplyDelete